image 1 image 2

 

2021 නිරිත දිග මෝසම් වර්ෂාවක් සමග ඇති විය හැකි ආපදා තත්වයන්ට පෙර සූදානම් වීම සදහා සියලූම ප්‍රාදේශීය ලේකම් වරුන් සහ අදාල අනෙකුත් පාර්ශව දැනුවත් කිරීමේ වැඩසටහනක් ගරු දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාරගේ ප්‍රධානත්වයෙන් 2021 අප්‍රේල් 29 වන දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.
කළුතර ආපදා කළමනාකරණ සම්බන්දීකරණ ඒකකයේ මැදිහත් වීම මත පැවති මෙම වැඩසටහනේදී ඉදිරි මෝසම් වර්ෂාව සමග ඇති විය හැකි ගංවතුර සහ නාය යෑම් ආපදා තත්වයන්ට මුහුන දීම සහ ආපදා කළමනාකරණය සම්බන්ධව සම්බන්ධීකරණය හා සාකච්ජා කිරීමත්, ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවත් දැනුවත් කිරීම මෙහිදී සිදු විය.

image 3 image 4

 

2021 වර්ෂයේ ඉදිරි මෝසම් වර්ෂාව සහ ඇතිවිය හැකි ආපදා අවදානම සම්බන්ධයෙන් සාකච්ජාවක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් කළුතර ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් කේකේඑස්ආර් කන්නන්ගර ආර්ඩබ්පි, ආර්එස්පි, යුඑස්පි නිළධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් අගලවත්ත ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී 2021.04.23 වන දින පැවැත්විනි.මේ සදහා ප්‍රදේශයේ ප්‍රජා නායකයින් 45 දෙනෙකු සහභාගී වු අතර මෙහිදී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා සම්බන්ධ ආපදාමය ගැටලු සාකච්ජා කරන ලදී.

image 7image 8image 9

2021 නිරිත දිග මෝසම් වර්ෂාව සමග ඇති විය හැකි ආපදා අවදානමට පෙර සූදානම් වීමක් වශයෙන් කළුතර දිස්ත්‍රික්කයේ දෙදින පුහුණු වැඩමුළුවක් අප්‍රේල් මස 20,21 දින වල දී පැවැත්විනි.
මෙහිදී කළුතර ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ මැදිහත් වීමෙන් කළුතර නාවික හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයේ පුහුණු කණ්ඩායම විසින් මෙම වැඩ සටහන පවත්වන ලදී.
කළුතර දිස්ත්‍රික්කයේ ආපදා අවදානම වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 නියෝජනය වන පරිදි පුහුණු වන්නන් 65 දෙනෙකු සදහා ආපදාවකදී යාත්‍රාවන් හැසිරවීම හා මූලික සංකල්ප පුහුණු වැඩමුළුව පවත්වන ලද අතර මේ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ ආර්ඩබ්පී, ආර්එස්පී, එම්එස්සී, එන්ඩීයූ, පීඑස්සී හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුසන්ත විජේසූරිය ආර්ඩබ්පී, ආර්එස්පී සහ පුහුණු අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතාද අධීක්ෂණය සදහා සහභාගී විය.

image 5 image 6

 

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කළුතර සම්බන්ධීකරණයෙන් හා මග පෙන්වීම යටතේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ප්‍රථමාධාර හා කදවුරු කළමනාකරණය සම්බන්ධව එක් දින පුහුණු වැඩ සටහනක් 2021 අප්‍රේල් 06 වන දින පැවැත්විනි.
මේ සදහා ප්‍රදේශයට අයත් ප්‍රජා නායකයින් 50 දෙනෙකු සහභාගී වු අතර මේ තුලින් හදිසි අවස්ථාවකදී ප්‍රථමාධාර ලබා දීම, දැනුවත් වීම හා ප්‍රායෝගිකව ක්‍රියා කිරීම සම්බන්ධව නිසි දැනුමක් ලබා දෙන ලදී. එසේම ආපදා අවස්ථාවකදී ක්‍රියා කල යුතු ආකාරය කදවුරු කළමනාකරණය සහ එදිනෙදා සිදුවන සාමාන්‍ය අනතුරු සම්බන්ධව විධිමත් පුහුණුවක් ලබා දීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කළුතර ශාඛාව මගින් පුහුණු වැඩසටහන් පවත්වන ලදී.

රැස්වීම පවත්වන අවස්ථාව  රැස්වීම පවත්වන අවස්ථාව

පසුගිය දා පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී දිස්ත්‍රික්කය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙම්න් පවතින ආකාරය හා ඒ පිළිබඳ ගැටලු හා යෝජනා පිළිබඳ අවධානය යොමු කරන ලදී .
මුලින්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විධිමත් කිරීමට අදාළව නව චක්‍ර ලේඛය පිළිබඳ කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර ගිනිගේ මහතා අදහස් දැක්වු අතර ,සුරකිමු ගංගා ජාතික වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ 330ක් ගංගා සදහා වන ගැටලු හදුනාගැනීමට හැකි වූ බව සාකච්ඡා වූ අතර එම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීමට යෝජනා විය .
ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී තුමන් අදහස් දක්වමින් කියාසිටියේ කළුතර දිස්ත්‍රික්කයේ මේවනවිට කොවිඩ් 19වසංගත තත්ත්වය සැලකිය යුතු ප්‍රමාණයක් පාලනය වී ඇති බවත් ,දැනට කළුතර දිස්ත්‍රික්කයේ රෝගීන් 729ක් වාර්තා වී ඇති බවත් ,පීසීආර් පරීක්ෂණ දිනකට 200ක් පමණ සිදුකරන බවත් ය.
කළුතර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ජලය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව දිස්ත්‍රික් ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කරන ලදී .
කළුතර දිස්ත්‍රික්කයේ සෞභාග්‍යයා නිශ්පාදන ගම්මාන පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව කළුතර දිස්ත්‍රික් සැලසුම් අද්‍යක්ශක දමයන්ති මහත්මිය ප්‍රකාශ කරන ලදී .
මෙම අවස්ථාව සදහා මාර්ෂල් ඔප් ද එයාර් පෝස් රොශාන් ගුණතිලක මහතා ,රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ,පියල් නිශාන්ත ,දිස්ත්‍රික් කමිටු සම සභාපති සංජීව එදිරිමාන්න මහතා ඇතුළු දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මැතිඇමතිවරු පළාත් සභා නියෝජිතයන් ,ප්‍රාදේශීය ලේකම්වරු ,රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .